දුම් රොටු මා වටා
තටු ගසා ඉගිළී
මා ගත වෙලයි
හොල්මන් ලෙසින්
දිය නා පැමිණි ඇය
පිසියි කොණ්ඩය
කිස් කිස් හඩින්
කොටය විසි නොකරම
තව තවත් උරමි
එක්වරම මා
පාවෙන්ට පටන් ගනි
දැන් මා
කැඩපත ඉදිරියේ
කෙස් කලු පැහැය
හඩ හේෂාරයකි
මුහුණේ රැළි මැකී
උගුරේ රැල් බුරැල් වී
ප්‍රාණවත් වී තිබේ
සිත ගත පුෂ්ටිමත් වී
මෑත් වූ රෙද්දෙන්
පෙනෙයි විලක පීනන තිසරැන්
පෙනෙයි විලක පීනන තිසරැන්
ආහ්...
දිව්‍යමය ලෝකය
කලක් මා උමතුව
දියබුං ගැසූ
අනවතප්ත විල
මා වශියෙන් ද
විලත් පැහැදිලිය
හංසයින් ද තුරැණුය
මතකයේ හැටියට
දූ ද පුතු ද
මේ හංසයින් සමග කෙළියහ
මේ හංසයින් සමග කෙළියහ
= = = = = = = = = = = =
ක..රා..ස්...
දොර පියන හැරැණි
දොර පියන හැරැණි
ස.. රා.. ස්...
පංච වික දැමුවෙමි
= = = = = = = = = = = =
එකෙක් උඩු අතට
අනෙකා යටි අතට
තිරිහන් වීම පට්ටයි මචං.. දුම් ගුලියක එතී ආ රාගය වෙලාගත් කල...