මගේ සරසවි ගමන

Posted by රාවණපුත්‍ර On 11:35 PM 0 ආක්‍රමණ


හිදැස් හිදැස් හිදැස් සරසවියේ යකඩ වැටේ
කූරැ අතර හිදැස්

ජීවිතයේ හිදැස්
මකා දමන දිවැස්
තිබෙනවායි සිතේ මට
සරසවි භූමිය ඇතුළත

සරසවියට ආසාවක්
තිබුණායැයි මතකයි මට
කූරැ හිදැස් අතරින්වත්
රිංගන්නට තිබුණා මට

කාලය ගතවී ගියමුත්
තැවුණු වදන් නොලි වූ වෙමි
පොත් කන කාවුන් වනසා
මොළයට බෙහෙතක් දාලා
පෙල්ලෙන් පෙල්ලටම නගිමි
නොලැබුණු දේ ලබා ගන්ට

සරසවියයි මායි අතර
ලොකු පරතරයක්ද නොමැත
පොත් රාක්ක පහක් හයක්
අප දෙන්නා අතරින් ඇත

සිවු වැනි පොත් රාක්කයත්
පසු කරනා අතරතුරේ
වියරැ වැටී දොඩමළු වන
පිසාචයෙකි මුණ ගැසුණේ

ඇසට යටින් ලේ බැහැලා
ඇස් වටයත් පොඩි වීලා‍
ඇදුමක් නැති උරහිස්වල
කොදු ඇට පේළියෙ හරහට
සරසවියේ දොරවල්වල
තීන්ත පතුරැත් තිබුණා

" ආවා මං සරසවියට
පිකටින් ගහෙ මුල් අතරට
වැස්සෙන් නොතෙමී ඉන්නට
රතු පටි ඔළුවේ බැදගෙන"

මං ආවා සරසවියට
ඇරලවන්න පිසාච තෙම.

මටත් වඩා අඩු වයසින්
වල්මත් වුණු සොදුරැ මුගේ
ඔළුවේ රතු පටි ගලවා
තෙල් බැම්මේ හිදුවාලා
වඩේ එකෙන්
ප්ලේන්ටියෙන්
බඩගිනි නිවලා දැම්මා
= = = = = = = = = =

සරසවි පාරවල් අතරෙ
එළියෙ ඉදන් මං හිතාපු
හරිම තැනට මොහු යවන්න
තමයි හුගක් වෙර දැරැවේ

ඒ වුණාට ඔහුම තමයි
හරිම පාර පෙන්වූයේ.

video

තිරිහන් වීම

Posted by රාවණපුත්‍ර On 3:19 AM 1 ආක්‍රමණ

දුම් රොටු මා වටා
තටු ගසා ඉගිළී
මා ගත වෙලයි
හොල්මන් ලෙසින්
දිය නා පැමිණි ඇය
පිසියි කොණ්ඩය
කිස් කිස් හඩින්


කොටය විසි නොකරම
තව තවත් උරමි
එක්වරම මා ‍
පාවෙන්ට පටන් ගනි
දැන් මා
කැඩපත ඉදිරියේ
කෙස් කලු පැහැය
හඩ හේෂාරයකි

මුහුණේ රැළි මැකී
උගුරේ රැල් බුරැල් වී
ප්‍රාණවත් වී තිබේ
සිත ගත පුෂ්ටිමත් වී

මෑත් වූ රෙද්දෙන්
පෙනෙයි විලක පීනන තිසරැන්
ආහ්...
දිව්‍යමය ලෝකය
කලක් මා උමතුව
දියබුං ගැසූ
අනවතප්ත විල
මා වශියෙන් ද
විලත් පැහැදිලිය
හංසයින්  ද තුරැණුය
මතකයේ හැටියට
දූ ද පුතු ද
මේ හංසයින් සමග කෙළියහ

=  =  =  =  =  =  =  =  =  =  =  = 

ක..රා..ස්...
දොර පියන හැරැණි
ස.. රා.. ස්...
පංච වික දැමුවෙමි

=  =  =  =  =  =  =  =  =  =  =  =  

එකෙක් උඩු අතට
අනෙකා යටි අතට